ඇඳිරි නීතිය පොලිස් බල ප්‍රදේශ 118 ක ක්‍රියාත්මකයි


ශ්‍රී ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 118ක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 දා තෙක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පොලිස් බල ප්‍රදේශ 112, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5කඇහැළියගොඩ පොලිස් බල ප්‍රදේශය හා  මීට අමතරව කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශය තුළත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

ඇඳිරි නීතිය පැනවීමට හේතු රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම බවත් බස්නාහිර පළාත තුළ බෙදාහැරීමේ සේවා හෙට දිනයේදී ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ඇති බවත් ඒ සඳහා ළඟම ඇති පොලිස් ස්ථානයෙන් උපදෙස් ලබාගන්නා ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

 

 



Recommended Articles