ආසාදිතයින් හමුවු ප්‍රදේශ


ගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 235ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 232ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 157ක් වශයෙන් වාර්තා වී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111ක්, යාපනය 81ක්, ගාල්ල 78ක්, කෑගල්ල 70ක්, මඩකලපුව 67ක් වශයෙන් ද ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

ඊයේ (14) හඳුනා ගැණුනු ආසාදිතයින් අතරට විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 87 දෙනෙකු අයත්ය.

ඒ අනුව ඊයේ දිනය තුළ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,540කි.

මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 279,059ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles