ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ


අලුත් අවුරුද්දෙන් පසුව මෙරටින් වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (03) දිනයේ වාර්තා වී තිබුණි.

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,262කි.

ඊයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ද 100ට අඩු අගයක් ගත් අතර එම සංඛ්‍යාව 98කි.

ඊයේ දිනයේදී දිස්ත්‍රික්ක 3 කින් පමණක් 100 ඉක්මවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා විය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 224ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 105 ක් ලෙස වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් වාර්තාවීම ද විශේෂත්වයකි.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 264,057 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 



Recommended Articles