ආරුගම්බේට ප්‍රහාරයක් සැලසුම් කළ බව කියන දෙන්නෙක් අල්ලයි


ආරුගම්බේ ප්‍ර දේශයේදි විදේශීය ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් සිදුකිරිමට සැලසුම් කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් යාපනයේ ස්ථිර පදිංචි එහෙත් කොළඹ තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයෙක් වෙයි. අනෙක් පුද්ගලයා කොළඹ පදිංචිකරුවෙක් වෙයි. 

ඔහු මෙම ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ ප්‍රහාරය සැලසුම් කළ බව කියන මහ මොළකරුද වෙයි. ප්‍රහාරය ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් ඔවුන්ට මුලින්ම අත්තිකාරම් මුදලක් ලබාදි තිබේ.

ප්‍රහාරය ක්‍රියාත්මක කිරිමෙන් පසුව ඉතිරි රුපියල් කෝටි ගණනක මුදල ලබාදිමට සැලසුම් කර තිබේ. ඔක්තෝබර් 12 දා හා 27 දා අතර කාලයේදී මෙම ප්‍රහාරය සිදුකිරිමට සැලසුම් කර තිබූ බවට තොරතරු වාර්තා වෙයි. 



Recommended Articles