ආයෙත් කොවිඩ් මරණ වැඩි වෙයි - මරණ 10000 ඉක්මවයි


ඊයේ (04දා) තවත් කොවිඩ් මරණ 189ක් තහවුරු කර තිබේ. කාන්තාවන් 93ක් හා පිරිමින් 96ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

අවුරුදු 30ට අඩු මරණ 01ක්, අවුරුදු 30 හා 59 අතර මරණ 34ක් හා අවුරුදු 60ට වැඩි මරණ 154ක් වාර්තා වී තිබේ.

පෙරේදා දිනයේදී කොවිඩ් මරණ (145) වල යම් අඩුවීමක් දක්නට ලැබුණත් ඊයේ දිනයේදි නැවතවරක් මරණ වැඩි වී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10140ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles