ආපදා කළමණාකරණයට වෙන් කළ රු. කෝටි 324ක් වතුරේ යයි


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉකුත් වසර 13ක කාල සීමාව තුළදී 2011 ජනවාරි මස සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ ආපදා අවම කිරීමේ ව්‍යාපෘති සඳහා රුපියල් තුන්සිය විසි හතර කෝටි හැත්තෑ හත් ලක්ෂ හැට එක් දහස් පන්සිය පනස් නවයක වියදමක් දරා ඇතත් (3,247,761,559)එම ව්‍යාපෘතිවලින් ලබා ගෙන ඇත්තේ ඉතාමත් ස්වල්ප ප්‍රතිඵලයක් බවත් ජාතික විගණන කාර්යාලය මගින් 2/12 දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.

ගංවතුර, නායයාම්, දැඩි සුළං තත්ත්වය, මුහුදේ අධික ජල පීඩනය වැනි හේතුවෙන් ඉකුත් වසර 02 ක කාලයක් තුළ 2022 මාර්තු 02 සිට 2023 දෙසැම්බර් 31 දක්වා පුද්ගලයින් තිස් පන් දහස් තුන්සිය විසි නම දෙනෙකු(236,389) පීඩාවට පත්ව ඇති බව එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.

 ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලඟා කර ගත යුතු බැව් විගණනය මගින් අනාවරණය කර ඇත.

මේ පිළිබඳ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ඉකුත් වසර දහතුනක(13) කාලසීමාව තුළ ලැබී ඇති ආපදා අවම කිරීමේ ප්‍රතිපාදන තුළින් පමණක් ආපදාවන්ගෙන් පීඩාවට පත්වන පුද්ගලයින් සංඛ්‍යාව අඩුකළ නොහැකි බවත්ය. ඒ සඳහා බලපානු ලබන සමාජ, ආර්ථික හා පුද්ගල බද්ධ කරුණු රාශියක් හේතු වී ඇති බවද එම කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.



Recommended Articles