ආදිවාසි ජනතාවට ලැබෙන වරප්‍රසාදය


ශ්‍රී ලංකාවෙි ජීවත්වෙන ආදීවාසී ජනතාවට, ඔවුන්ගෙ දෛනික කටයුතු බාධාවකින් තොරව,කරගෙන යාම සදහා වනජීවි හා වන සංරක්ෂණ කලාපවලට ඇතුල්වීම සදහා හැදුනුම්පතක් නිකුත් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව කටයුතුකරමින් සිටින බව වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව පවසයි.

මෙම වැඩසටහනේ පළමු අදියරේදී,දඹාන හා රතුගල ආදීවාසී ජනතාව වෙනුවෙන් මෙම හැදුනුම්පත ලබාදීමට බලාපොරොත්තු වන බවත්,මෙම හැදුනම්පත නිකුත්කරන්නේ අදාල ප්‍රදේශයේ, ආදීවාසී නායකයා විසින් ලබාදෙන නාමලේඛණයකට අනුව, පමනක් බවත්, වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව අවධාරණය කරයි.

වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව නියෝජනය කරමින් පැමිණි, එම දෙපාර් තමෙිනුතුවෙි, නීති අංශ ප්‍රධානියකු මෙි බව පැවසුවෙි, ආදීවාසී ජනයාට වනජීවි හා වන සංරක්ෂණ කලාපවලදී එම දෙපාර් තමේන්තු නිළධාරීන්ගෙන්, හිරිහැර සිදුවන බවට, රතුගල ආදීවාසි නායක දානිගල මහ බන්ඩලාගේ සුදාවන්නිලා ඇත්තන් නොහොත්, ඩී.එමි සුදුබන්ඩා විසින්, මානව හිමිකම් කොමිෂන් සභාවට සිදුකර තිබු පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවෙිදීය.

මෙහිදී වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව නියෝජනය කරමින් පැමිණි එම නීති අංශ නිළධාරියා තවදුරටත් පැවසුවෙි,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙි සමිබන්ධයෙන් සිදුකල ඉල්ලීමකට අනුව, අධිකරණ අමාත්‍යංශය හා නීතිපති දෙපාර් තමෙින්තුව සමග එක්ව මෙි වනවිට, ආදීවාසි ජනයාට කැලයට ඇතුලුවීම සදහා එම හැදුනුම්පත නිකුත්කිරිමට අදාල මුලික වැඩකටයුතු මෙිවනවිට අවසන් කර ඇති බවයි.

මෙි සදහා වන සංරක්ෂණ දෙපාර් තමෙින්තුවෙි හා මහවැලි අධිකාරියේද සහය හිමිවන බව පැවසු, එම වනජිවි නිළධාරියා,මෙම ව්‍යාපෘතියේ පළමු අදියර දඹාන හා රතුගල ආදිවාසි ප්‍රජාව ජීවත්වන කලාප මුල්කරමින් ආරමිභ කිරිමට බලාපොරොත්තු වන බවත්, ඉන් අනතුරැව ලංකාවෙි අනිකුත්, ආදිවාසි ජනයා ජිවත්වන කලාපවලට ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

“ අපි මීට ප්‍රථම රතුගල ආදීවාසි ජනයා මුල්කර ගනිමින්, ඔවුනට වනාන්තර තුලදී අපේ නිළධාරින්ගෙන් සිදුවන යම් යම් බාධාවන් මග හැරවීමට, හැදුනුම්පතක් නිකුත් කිරිම සිදුකලා නමුත් මොකක්දෝ හේතුවකින් ඒ වැඩසටහණ ඉදිරියට ගියේ නැහැ. නමුත් අපි මෙි වැඩසටහණ කඩිනම් කරලා ආදීවාසි ජනතාවට ඔවුන්ගේ යම් යම් කටයුතු වනාන්තර තුලදි බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ ලබාදිමට බලාපොරොත්තු වෙනවා.මෙහිදි අපි ආදිවාසි ජනයාගේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන වගේම ඔවුන්ගේ අනන්‍යතාවන්ට ගරැකරන ගමන්, අපේ වන සම්පත් ආරක්ෂාකර ගැනිමටත් අපි කටයුතු කරනවා.අපි මෙි කටයුත්ත කඩිනම් කිරිමට කටයුතු කලේ, ගල්ඔය ජාතික වනෝද්‍යානය තුලදි, රතුගල ආදීවාසි නායකතුමා ඇතුලු ආදිවාසින් පිරිසකට සිදුවු කනගාටුදායක සිද්ධියක් සැලකිල්ලට ගෙනයි“ එම වනජීවි නීති අංශ නිළධාරිවරයා තවදුරටත් පැවසීය.

මොණරාගල - නයනජීව බන්ඩාර



Recommended Articles