ආදායම් වාර්තා ඉදිරිපත් කිරිමේ අවසන් දිනය අද


2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.

මෙම වාර්තා මාර්ග ගත ක්‍රමයට පමණක් ලබා ගන්නා බවත් ඒ සඳහා සහාය විමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් අද දිනයේ විවෘතව පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාවද අද දිනයේදි  විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
 



Recommended Articles