ආණ්ඩු හා නිලධාරීන් වෙනස් වුවත් රටේ නීතිය වෙනස් වෙන්නේ නෑ


ආණ්ඩු හා නිලධාරීන් වෙනස් වුවත් රටේ නීතිය වෙනස් නොවන බව පෙන්වා දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා සැකකරුවන් අල්ලන්නේ නැතුව වසර 10 ක කාලයක් ගතවනතුරු කළේ කුමක්දැයි රහස් පොලිසියෙන් අද (23) ප්‍රශ්න කළේය.

රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වසර 10කට පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය  අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇප මත මුදා හැරීමට නියම කරමින් එලෙස ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා වසර 10ක කාලයක් ගතවනතුරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර දැන් ඇවිත් සැකකරුවන් නම් නොකිරීමට හේතු ලෙස ඉදිරිපත් කරන තර්කවල හරය කුමක්දැයි වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

රුපියල් ලක්‍ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වන ශරීර ඇප මත සැකකරුවන් සිව්දෙනා මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා  අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් ඇප කොන්දේසියක් පැනවීය.

මසකට වරක් රහස් පොලිසයේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාරදෙන ලෙසද නියම කළේය.

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට අමතරව මෙලෙස ඇප නියම කරන ලද්දේ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ධම්මිකා ශිරාණි සුමනරත්න, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන එස්. අමරසේකර හා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ අනුර සෙනවිරත්න නමැත්තන්ය.

මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් පෙරේදා රාත්‍රී මෙම සැකකරුවන් සිව්දෙනා සැකපිට අත්අඩංගුවට ගත් අතර පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී රහස් පොලිසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළේය.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේතුංග මහතා සිද්ධියට සම්බන්ධ කරුණු දක්වමින් 2014 වසරේදී ගංවතුරින් අවතැන් වූ බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 61,46,110/-ක මුදලක් ලබාගෙන, එම මුදලින් ගත් බව කියන වියලි ආහාර ද්‍රව්‍ය ගංවතුර ආධාර සඳහා ලබා නොදී එම මුදල් 2015 ජනාධිපතිවරණ සමයේ වියළි ආහාර මලු බෙදා දීමට යොදා ගෙන ඇතැයි කීය.

මාලගේ රංජිත් පෙරේරා මහතා 2015 මැයි මාසයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවත් 2014 වසරේදී ගංවතුරින් අවතැන් වූ පන්නල, බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් 2500/- බැගින් වටිනා ආහාර ම`ථ 2500ක් ලබාදීමට බව කියමින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් රුපියල් 61,46,110/-මුදලක් ලබාගෙන ඇති බවත් එම මුදලින් ගත් ආහාර ම`ථ 2500 සැකකාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ පන්නල ඉරියගොල්ල මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට ගෙන ගොස් ඇති බවත් කී පොලිස් පරීක්ෂක විජේතුංග මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ  බවත් දැනුම් දුන්නේය.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ 2015 ජනාධිපතිවරණය ආසන්න සමයේ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කර ඇතැයිද ඒ සමයේ ඇය ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට ලිපියක් යවමින් ගංවතුරින් විපතට පත්වුවන්ට සහන සැලසීම සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නැයි ඉල්ලමින් ලිපියක් යවා ඇතැයිද දැනුම් දුන් විජේතුංග මහතා සැකකාර අනුර සෙනෙවිරත්න නමැත්තා පන්නල ස.තො.ස. කාර්යාලයෙන් බිල්පත් හතරක් මගින් අදාළ භාන්ඩ මිලදීගෙන ඇතැයිද දැනුම් දුන්නේය.

එලෙස මිලදීගත් භාණ්ඩ සඳහා නැවතත් වච්චර් පත් හතරක් ඛණිජ තෙල් සංස්ථාවට ඉදිරිපත් කර සංස්ථාවෙන් යළි ප්‍රතිපාදන වෙන් කරගෙන ඇතැයිද මුල් බිල්පත් සඳහා අත්සන් කර භාන්ඩ ලබාගෙන ඇත්තේ හතරවැනි සැකකාර අනුර සෙනෙවිරත්න නමැත්තා යැයිද කී විජේතුංග මහතා මේ සම්බන්ධයෙන් කළ විමර්ශන ගොනුව 2015 ඔක්තෝම්බර් 26 වැනිදා නීතිපතිවරයාට යවා කළ ඉල්ලීමකට අනුව ඒ කාලයේම නීතිපතිවරයා උපදෙස් දෙමින් සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ අධි චෝදනා ගොනු කළ හැකි වරදක් අනාවරණය වී ඇති බවට දැනුම් දී ඇතැයි කීය.

සිද්ධියට අදාළව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන්ගෙන්, ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් හා ආපදා කළමණාකාරන මධ්‍යස්ථාන නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් ඔවුන්ගේ ප්‍රකාශ අනුව රජයෙන් හැර වෙනත් කිසිදු ආයතනයකින් ගංවතුර ආධාර දී නැති බවත් කී විජේතුංග මහතා සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශශන කකරන හෙයින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි  ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් මෙය සම්පූර්ණයෙන්ම අනීතික හා ද්වේෂ සහගත විමර්ශනයක් යැයිද විමර්ශන ආරම්භ කළ එෆ්.සී.අයි.ඩී.ය නීත්‍යානුකූල ආයතනයක් නොවන බව නොයෙක් වර ප්‍රකාශ වී ඇතැයිද කීය.

ඛනිජ තෙල් සංස්ථාවෙන් ලැබුණු චෙක්පත් මගින් ස.තො.ස. ආයතනයෙන් භාණ්ඩ ලබාගෙන ඇති බවත් ගංවතුර ආපදාවක් රටවල් තුළ තිබූ බවත්, විපතට පත් සිය`ථදෙනාට ආධාර දුන් බව සියලූ දෙනා දන්නා බවත්, සැකකරුවන් කිසිදු ආධාරයක් තමන්ගේ පරිහරණයට ගෙන නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සැකකාර අනුර පියදර්ශන මහතා කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවත් පෙන්වා දුන්නේය.

සියලු විත්තිකරුවන් පසුගිය වසර දහය මු`ථල්ලේ ලංකාවේ පදිංචිව සිටි අය බවත් වසර 10ක් තිස්සේ නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් තම සේවාදායකයින්ටද අගතියක් වී ඇති බවත් පෙන්වා දුන් කාලිංග ඉන්දතිස්ස මහතා විමර්ශන අවසන් කර නීතිපතිවරයාගේ උපදෙස් පවා ලබාදී තිබීම ඇතුළු කරුණු සලකා බැලීමේදී තම සේවාදායකයින්ට ඇප නොදීමට තරම් හේතූ ඉදිරිපත්වී නොමැති හෙයින් ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

දෙවැනි සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් සංස්ථාවෙන් ගත් මුදල් තමන්ගේ සාක්කුවට දමා ගැනීම සඳහා සැකකරුවන් වංක සහයෝගයෙන් කටයුතු කර නැති බවත් සැකකරුවන්ටට ඇප දීමෙන් මහජන කැලඹීමක් ඇති නොවන බවත කීය.

තම සේවාදායිකාව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් පස්දෙනාගෙන් එක් අයෙකු බවත් කී ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා තම සේවාදායිකාවට ඇප නියම කකරන්නැයි ඉල්ලා සිටියේය.

සචිත්‍ර ගුණසේකර

 

 



Recommended Articles