2024 දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමානාව හෙට දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙහිදී ප්‍රතිලාභී පවුල් 1 707 311ක් සඳහා රුපියල් 11 024 310 500 (බිලියන 11. 024ක) මුදලක් මෙසේ ලබාදීමට නියමිතය. ප්‍රතිලාභීන්ට දෙසැම්බර් 13 දා සිට තම මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවද සභාපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.