අස්වැසුම ගෙවන්න රු. බිලියන 5ක් බැර කරයි


අස්වැසුම සමාජ ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලැබූ ලක්ෂ 8ක් වෙනුවෙන් එම ප්‍රතිලාභය ගෙවීමට අවශ්‍ය මුදල් සුබ සාධක ප්‍රතිලාභය මණ්ඩලය විසින් බැංකු වෙත යොමුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද දිනයේ සිට රාජ්‍ය බැංකු විසින් එම මුදල් ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීම සිදුකරනු ඇති බවත් අද දිනයේදී ප්‍රතිලාභින්ට මුදල් ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් ඉදිරි දිනවලදී එම මුදල් ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් හරහා ලබා ගත හැකිවෙනු ඇති බවත් ඔහු පැවැසීය.

 

 



Recommended Articles