නාවික හමුදා මුලස්ථානයේ විනයාරක්‍ෂක විශේෂ විමර්ශණ ඒකකය විසින් කුලියාපිටිය පොලිසියේ සහය ඇතිව, කුලියාපිටිය කොස්හේන ප්‍රදේශයේදී, නාවික හමුදා සෙබලෙකුගේ නිවසේ සඟවා තිබු, 2021 වර්ෂයේදී ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ අවිගබඩාවෙන් අස්ථානගත වු ටි - 56 වර්ගයේ ගිනි අවිය සමඟ එම නාවිකයා අත්අඩංගුවට ගන්නා ලදි.
නාවික හමුදා විශේෂ විමර්ශණ ඒකකය මඟින් මෙම අස්ථානගතවු අවිය සම්බන්ධයෙන් සිදුකරන ලද විධිමත් විමර්ශණයකින් පසුව, සිද්ධියට සම්බන්ධ නාවික පුද්ගලයා හඳුනාගෙන ප්‍රශ්ණ කිරීමේදී, එම අවිය ඔහුගේ නිවසේ සඟවා ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව, කුලියපිටිය පොලීස් ස්ථානයේද සහය ඇතිව මෙම මෙහෙයුම සිදු කරන ලදි.
තවද, සිද්ධීය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ හා නීතිමය කටයුතු සඳහා අත්අඩංගුවට ගත් නාවික හමුදා පුද්ගලයා සහ ගිනි අවිය නාවික හමුදා මුලස්ථානයේ විනයාරක්‍ෂක විශේෂ විමර්ශණ ඒකකය විසින් කුලියාපිටිය පොලීස් ස්ථානය වෙත භාරදීමට නියමීතව ඇත.