අවුරා ලංකා සභාපතිට ඇප


මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (27දා) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පසුගිය 22වැනි දින තාඹගල මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකරුට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරිණි.



Recommended Articles