අවසන් පැය 24 ක කාළය තුළ ගම්පහින් කොරෝනා ආසාදිත රෝගීන් 201ක්


11/07 දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 201 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

ඒ අනුව මෙම දිස්ත්‍රික්කය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 3,853 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්. පරීක්ෂණ 54,474 ක් සිදු කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 27 කින් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 200 ක් වාර්තා වන අතර , එය පසුගිය දින වලට සාපේක්ෂව ක්‍රමික ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

11/07 දින ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වූ රෝගීන් අතර , ජා - ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් රෝගීන් 28 දෙනෙකු ද , මහර කොට්ඨාසය තුළින් 32 දෙනෙකු ද , ගම්පහ කොට්ඨාසය තුළින් 11 දෙනෙකු ද වාර්තා වී ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල 



Recommended Articles