අවධමනය දීර්ඝ කාලීනව පවතිනවා නම් අහිතකරයි


අවධමනය දීර්ඝ කාලීනව රටක පවතිනවානම් එය අහිතකර තත්ත්වයක් බවත් ශ්‍රී ලංකාව වැනි උද්ධමනය ඉහළ ගිය රටක අවධමනයක් ඇතිවූවිට එයින් ආර්ථිකයට බලපෑමක් නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

මහ බැංකුවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ඉදිරි මාස කිහිපය තුළත් අවධනමනයක් බලාපොරොත්තු විය හැකි බව ඔහු පැවැසීය.

"අවධමනය දීර්ඝ කාලීනව පවතිනවානම් අහිතකර තත්ත්වයක් තමයි. නමුත් අපි එන්නේ ඉතාමත් අර්බුදකාරී තත්ත්වයක. උද්ධමනය 70%ක් දක්වා ඉහළ ගිහිල්ලා. ජීවන වියදම ඉතාමත් ඉහළ ගිහිල්ලා. වසර දෙකක කාලයක් ගත්තොත් 80%ක් 90%ක් විතර වැඩි වෙලා. ආහාර උද්ධමනය 100% කට වඩා වැඩි වෙලා තිබුන වාකතාවරණයක.

ඒ වගේ ඉතාම ඉහළම මට්ටමක ජීවන වියදම වැඩි වුණ කාලයක අවධමනය කියන එක අපි දක්නේ, යම් කිසි නිවැරදිවීමක් විදිහට. ඒ වගේ එකපාරට ගොඩක් මිල වැඩි වුණාම යම් කිසි ආකාරයකට අඩු වෙලා තමයි සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න ඕන. ඒක සාමාන්‍ය ක්‍රමවේදයක්. ඒ නිසා මේ වගේ අවධමන තත්ත්වයක් සෘණ උද්ධමනයක් කියන එක යම්කිසි කාලයක් පවතින එක මම හිතන්නේ ඒක ලොකු හානියක් නෙවෙයි ආර්ථිකයට. මොක ද විශාල බඩු මිල වැඩි වීමකට පස්සේ තමයි මේක එන්නේ.

දෙවැනි කරුණ තමයි ඒක බලපාන්නේ ආර්ථික වර්ධනය කියන කරුණට මේ අවුරුද්දේදී සියයට 4.5කින් 5කින් වගේ වර්ධනය වෙනවා. අපි හිතනවා ලබන වසරේදී අඩුව වශයෙන් සියයට 3ක පමණ වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. එතකොට අවධමනය නිසා ආර්ථිකයට අහිතකර බලපෑමක් වෙන්නේ නෑ. මේක ජීවන වියදම අඩුවෙන්න හොඳයි“



Recommended Articles