අලුතින් නම් කළ අධිආරක්ෂිත කලාප ගැසට්ටුව ජනපතිම අවලංගු කරයි


කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවලංගු කර ඇත. ෙමම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේද රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශය,ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය,කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය,නීතිපති දෙපාර්තමේන්තුව,ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය,නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය,අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය  හා යුද හමුදා මූලස්ථානය,කොම්පඤ්ඤ වීදිය ගුවන් හමුදා මූලස්ථානය,මල්පාර අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය,කොල්ලුපිටිය අරලියගහ මන්දිරය,ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ප්‍රදේශ,අධි ආරක්ෂිත ප්‍රදේශ  ලෙස එම ගැසට් නිවේදනයෙන් නම් කර තිබිණි.



Recommended Articles