අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත්​ බෝම්බයක්


අලුත්කඩේ අධිකරණ සංකීරණයේ සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ ගමන් මල්ලේ තිබී  විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් පොලිස් භාරයට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අද(21දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“19වැනිදා මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමා මා වෙත වාර්තාවක් ලබා දීලා තියෙනවා. එම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ ගමන් මල්ලේ තිබී විදේශ රටක නිෂ්පාදිත කොල පැහැති ජීව අත්බෝම්බයක් හමුවී ඇති අතර, එය නඩු භාණ්ඩ වශයෙන් පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. ”



Recommended Articles