අලුත විවාහවීමට නියමිත යුවළක් දළඳා මාළිගාවේ ඡායාරූප ගැනීම දුරදිග යන හැඩ


අලුත විවාපත් වීමට නියමිතයුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණපූර්ව ඡායාරූපකරණයේ යෙදීමේ සිද්ධිය පිළිබඳවවිධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසදන්වමින්මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට හා ජනාධිපතිවරයාඇතුළු බලධාරීන්ට දන්වමින්කන්ද උඩරට අභිමානයසංවිධානය විසින්ලිපියක් යොමුකොට තිබේ .

එම සංවිධානයේ සභාපතිහිටපු බස්නායක නිලමේ සුදන්ත සේනානායකමහතා හා එහි ලේකම්සිවිල් ඉංජිනේරු සුනේත්‍රා හුලංගමුවමහත්මියගේ අත්සනින් යුතුවයොමුකොට ඇතිඑම ලිපියේ සඳහන් වන්නේඑම සිද්ධිය සුළුකොට තැකිය නොහැකි බවත්ශ්‍රී දළදා මාළිගාවේ කීර්ති නාමයටකැලැල් වන ආකාරයටහැසිරුණ එමයුවළ ඇතුළු ඊට සම්බන්ධ වූවන් පිළිබඳවවිධිමත් පරීක්ෂණයක් සිදුකොටඔවුන්ට එරෙහිව දඬුවම් පැමිණවිය යුතු බවයි .

ශ්‍රී දළදා මාලිගාව තුළගෙන ඇති එම ඡායාරූපවල පසුබිමේවෙනත් කිසිවෙකුත්පෙනෙන්නට නොමැති බැවින්අනෙකුත් බැතිමතුන් ඉවත් කොටහෝ ශ්‍රී දළදා මාලිගාවේ දොරගුළු වසාඑම ඡායාරූප ගෙන ඇති බවක් පෙනෙන බැවින්ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂක අංශ ඇතුළුඅනෙකුත් පරිපාලන නිලධාරීන්ඊට වගකිව යුතුව තිබෙන බවදපවසයි .

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන්මහනුවර පොලිසියේ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදීඔහු පවසා සිටියේඑම සිද්ධිය සම්බන්ධයෙන්පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවබී වාර්තාවක් මගින්අධිකරණයටකරුණු වාර්තාකොට තිබෙන බවයි .



Recommended Articles