අලිකොටආර ජලාශය වාන් දමයි


උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉඳිකරන ලද අලිකොටආර ජලාශය මේ දිනවල වාන්දමමින් පවතී. වැවේ ඉහළ කොටස වන නමුණුකුල කඳුවැටියට මේ දින වල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ජලාශය ජලයෙන් පිරී පැවතීම නිසා ගංවතුර තත්වය පාලනයකිරීම සඳහා එහි වාන්දොරටු තුනම  විවෘතකළ බව ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරු  ආර්.ජී රංජිත් මහතා පවසයි.

ජලාශය පහළ පිහිටි ජනතාව සහ ජලාශය පරිහරණය කරන ජනතාව අවධානයෙන් සිටින ලෙස ඉංජිනේරුවරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.

මොනරාගල සුමනසිරි ගුණතිලක 



Recommended Articles