හබරණ හුරුලු උද්‍යානය ආසන්නයේ දින ගණනාවක සිට පාදයක් ආබාධයකට ලක්ව දැඩි වේදනාවෙන් සිටින වන අලි පැටියෙකු පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කළ ද කිසිදු ප්‍රතිකාරයක් ලබා දීමක් සිදුව නැතැයි සංචාරක ජනතාව පෙන්වා දෙති.
හබරණ නගර ආසන්නයේ සෆාරි ජීප් රථ ධාවනය කරන පාරවල් අසලට පැමිණ මෙම වන අලි පැටවා වේදනාවෙන් සිටින බව ද ඔවුහු පෙන්වා දෙති
වන අලි රංචු කිහිපයක් මෙම ආබාධයට ලක්ව සිටින පැටවා ආරක්ෂා කර ගැනීමට වෙහෙසක් දරමින් සිටින බවත් මෙම සතාට ප්‍රතිකාරයක් අවැසි නිසා මහ මඟ ගමන් කරන වාහනවලට දුක කියන්නා සේ හැසිරෙන බවද සංචාරකයෝ පෙන්වා දෙති.
මේ පිළිබඳව මින්නේරිය වනජීවී නිලධාරීන්ට දැනුවත් කළ බවද ඔවුහු කියති, එහෙත් වෛද්‍යවරයෙකු නොමැති බව පවසමින් ප්‍රතිකාර කර ගැනීමට නොහැකි වී තිබෙන බවද සඳහන් කරති
06 දින පස්වරුවේ මෙම වන අලි පැටියාට ප්‍රතිකාර කිරීමට පැමිණෙන බව ප්‍රකාශ කළද කිසිදු වෛද්‍යවරයෙකු හෝ වන ජීවී නිලධාරියකු පැමිණ නොසිටීම බවද ඔවුහු කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කර සිටිති
මින්නේරිය ජාතික උද්‍යානය කවුඩුල්ල ජාතික උද්‍යානය, හුරුළු ජාතික උද්‍යානය, දිනකට දස දහස් ගණනාවක් දෙස් විදෙස් සංචාරකයන් වන අලින් නරඹන කලාපයකිි
රටේ ජාතික ආර්ථිකයට සුවිශාල වූ දායකත්වයක් ලබා දෙන මෙම වන අලි පන්තියේ සතෙකුට ප්‍රතිකාර ලබා ගැනීමට පශු වෛද්‍යවරයෙක් සූදානම් කර නොතිබීම බරපතල ප්‍රශ්නයක් බව සංචාරකයෝ පෙන්වා දෙති
කෙසේ වෙතත් මෙම කුඩා වන අලි පැටවාගේ ඉදිරි පාදයේ සතුන්ට ඇටවූ වානේ කම්බියක් සිරවීම පාදය විශාල වශයෙන් ඉදිමි ඇවිද ගැනීමට පවා නොහැකිව දැඩි වේදනාවෙන් සිටි පසුවන බවද ඔවුහු පෙන්වා දෙති
කඩිනමින් මෙම වන අලි පැටියාගේ ජීවිතය බේරාදෙන ලෙස ඔහු වන ජීවී බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.