අල්විස් කමිටු වාර්තාව පිළිනොගන්නේ නම් විනිසුරුවරිය වසර 17ක් ලබා දුන් තීන්දු ප්‍රතික්ෂේප කරනවාද?


වසර දෙකක් සේවයේ නොසිටීම පදනම් කර ගනිමින් අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නම් එම විනිසුරුවරිය වසර 17ක් ලබා දුන් තීන්දු සියල්ල ප්‍රතික්ෂේප කරන්නේද යන්න විජිත ​හේරත් ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

අද(23දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. 

“විජිත හේරත් ඇමතිවරයා මෙම වාර්තාව ව්‍යාජ වාර්තාවක් කියලා කිසිසේත්ම ප්‍රකාශ කළේ නෑ. ඒ වගේම අල්විස් වාර්තාවේ අඩංගු කරුණු පදනම් විරහිත අසත්‍ය කරුණු කියලා එතුමාගේ ප්‍රකාශය තුළ කිසිසේත්ම සඳහන් වුණේ නෑ. විජිත හේරත් ඇමතිතුමා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ ඒ කමිටුයේ සභාපති ධුරය දැරූ විනිසුරුවරිය 2004දී විශමාචාර චෝදනාවක් මත රැකියාවෙන් ඉවත් වෙලා 2006 සිට නැවත සේවයට පැමිණියා කියන කාරණය මත. විජිත හේරත් ඇමතිවරයා එතුමිය වසර දෙකක් සේවයේ නොසිටීම මත පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා නම් 2006 සිට 2023 දක්වා වරස 17ක් එතුමිය විනිසුරුවරයික් ලෙස ලබා දුන් තීන්දු සියල්ල ප්‍රතික්ෂේප කරනවාද?”



Recommended Articles