අරින්න බෑ කිව්ව කන්ටේනරය අත්අඩංගුවට


පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරක්කන්හේන ප්‍රදේශයේ දී   21 දින රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි කල්පිටිය පොලිසිය මගින් සැක කටයුතු කන්ටේනර් රථයක් අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.එම කන්ටේරය හැර එහි ඇති දෑ පරීක්ෂා කිරීමරට අවශ්‍ය බැව් රියදුරුට පැවසුවද,රියදුරු එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙසේ අත් අඩංගුවට ගත් බැව් පොලිසිය වැඩි දුරටත් පවසයි.

මේ පිළිබදව අප කළ විමසීමට පිළිතුරු දෙමින්,කල්පිටිය වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරි ලාල් එදිරි සිංහ පැවසුවේ,ගෝලීය ත්‍රස්තවාදය සහ ජාතික ආරක්ෂාව පිළිබදව සලකා  බලා මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවය.රාත්‍රී මුර සංචාරයේ නිරත වූ පොලිස් සැරයන් 55118 දයා නන්ද ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට ඇත.

රථයේ රියදුරු උඩත්තාව,හසලක පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.රියදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.

කල්පිටියකුමාරී කොට්ටහච්චි



Recommended Articles