අර්චුනාගෙන් රු.මි. 100 ක වන්දියක් ඉල්ලා යාපනය රෝහලෙන් නඩු


යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කළේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්තී විසින් යාපනය අධීකරණයේදී අපහාස නඩුවක් ගොනුකොට ඇත.

යාපනය මහරෝහලට ඇතුල් වී කාර්ය මණ්ඩලයට බාධා කිරීම සහ රෝහල් අධ්‍යක්ෂක ටී.සත්‍යමූර්ති වෛද්‍යවරයාට අපහසාත්මක අයුරින් බැනවැදීම ආදි කරුණු සම්බන්ධයෙන් පසුගිය 17 වනදා රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව රෝහල් අධ්‍යක්ෂක වරයා මෙලෙස අපහාස නඩුවක් ගොනු කරනු ලැබීය.

අදාල නඩුව මගින් රෝහල් අධ්‍යක්ෂක වරයා පවස ඇත්තේ අවස්ථා කිහිපයකදීම අර්චුන මන්ත්‍රීවරයා විසින් තමන්ට බැනවැදීම, තර්ජනාත්මක ස්වරූපයෙන් මෙන්ම අපහාස කිරීම ආදී කරුනු සැලකිල්ලට ගනිමින් තමන්ගේ කිර්තිනාමයට හානිවීම හේතුවෙන් මෙලෙස අපහාස නඩුවක් ගොනුකොට රුපියල් මිලියන 100 ක වන්දියක් ලබාගැනීමට නියමිත් බවටයි.

එමෙන්ම යපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේද, සමාජ මාධ්‍ය මගින් හා විවිධ ස්ථානවල සිට පාර්ලිමේන්තුව තුලද අර්චුනා මන්ත්‍රීවරයා විසින් තමන්ට මෙන්ම යපනය ශික්ෂණ රෝහලේ කීර්තිනාමයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකර ඇති බවටද රෝහල් අධ්‍යක්ෂක වරයා විසින් අදාල නඩුව ගොනුකරමින් පෙන්ව දී ඇත.

මේ වන විට අර්චුනා මන්ත්‍රීවරයාට ඒරෙහිව දිවයිනේ විවිධ පුද්ගලයින් විසින් නඩු 20 ක් පමණ ගෙනුකොට තිබීමද විශේෂත්වයක් වෙයි.



Recommended Articles