අයිස් සමග ඇල්ලූ කොස්තාපල්ගේ වැඩ තහනම්


අයිස් මත්ද්‍රව්‍ය සමග ගල්නෑව පොලිස් වසමේ දී අත්අඩංගුවට ගත්  ඉපලෝගම පොලිසියට අනුයුක්තව රාජකාරී කල පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කල බව අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ උඩුපුස්සැල්ලෑව  සිට ඉපලෝගම  පොලිසියට මාරු වීමක් ලැබ පැමිණ සිටි පොලිස් කොස්තාපල් වරයෙකි. 

සැකකාර පොලිස් කොස්තාපල්වරයා අයිස් මත්ද්‍රව්‍ය විවිධ ස්ථානවල සඟවා වට්සැප් තාක්ෂණය ඔස්සේ,  අදාළ  ස්ථානය ගැනුම්කරුවන්ට ලබා දෙමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් එම මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූ පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉකුත් 5දා  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය  මිලිග්‍රෑම් 2150ක ප්‍රමාණයක් තිබී සොයා ගත් බවද පොලීසිය සඳහන් කළේය. 

එම සැකකරු හැකියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා නියෝග ලැබුණු බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය. 

 



Recommended Articles