අයි.එම්.එෆ්. නියෝජිතයන් හා හිටපු ජනපති අතර හමුවක්


ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ක්‍රියාත්මක විස්තීරණ ණය පහසුකමේ තෙවැනි සමාලෝචනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

කොළඹ මල්පාරේ පිහිටි ඒ මහතාගේ දේශපාලන කාර්යාලයේදී මෙම හමුව සිදුව තිබේ. මේ සඳහා හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාද එක්ව ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ආර්තිකය නැවත යථාවත් කිරීම වෙනුවෙන් හිටපු ජනපතිවරයා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඔහුට ප්‍රශංසාව පළකර ඇති බවද වාර්තා වෙයි. 



Recommended Articles