අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය අනුමතයි


ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක විස්තිර්ණ අරමුදල් පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට ඇති දෙවැනි ණය වාරිකය ශ්‍රී  ලංකාව වෙත මුදා හැරීමට එහි විධායක කමිටුව ඊයේ (12දා) අනුමැතිය දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට අදාළව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්වෙමින් මෙසේ දෙවැනි ණය වාරිකය ලංකාව වෙත මුදා හැරීමට විධායක කමිටුව අනුමැතිය දී තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් දෙවැනි වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.



Recommended Articles