අයහපත් කාලගුණය හේතුවෙන් විනාශයට පත්වූ කුඹුරු හෙක්ටයාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක උපරිම මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මේ පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"දෙසැම්බර් 02දා වන විට ගොවිජන සේවා දෙපාර්තමේන්තවේ දත්ත අනුව කුඹුරු අක්කර 91000ක් පූර්ණ හානියට ලක්වෙලා, කුඹුරු අක්කර 86235ක් අර්ධ වශයෙන් හානියට ලක්වෙලා සුළු වාර් මාර්ග 173ක් පූර්ණ වශයෙන් හා 1148ක් අර්ධ වශයෙන් හානියට ලක්වෙලා තියෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් එළවළු වගාව අක්කර 750ක් පමණ විනාශ වෙලා තියෙනවා. හානියට පත් කුඹුරුවලින් වැඩි ප්‍රමාණයක් මාස දෙක හමාර හෝ මාස තුනේ වී ප්‍රභේද සති දෙකකට වඩා ගොවිතැන් කරලා අඩු කුඹුරු ඒ අනුව මේ හානි ආපදාව අවම කර ගැනීමට කැබින් මණ්ඩලයේ අවධානය ලක්වෙලා තියෙනවා.
ඒ අනුව ගනු ලැබූ තීන්දු තීරණ කිහිපයක්ම තියෙනවා.
මාස දෙක හමාර තුන වී හෝ කෙටි කාලීන භෝග වගාව සඳහා අවශ්‍ය බිත්තර වී හා බීජ සැපයීම,
පවතින වගා රක්ෂණ ක්‍රමය යටතේ වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක මුදලක්.
බඩ ඉරිඟු අර්තාපල් මිරිස්, ලොකු ලූණු හා සොයා බෝංචි භෝග වර්ග සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරකට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීම"