අමාත්‍යාංශ 24ක් සඳහා විමර්ශන කමිටු


අමාත්‍යාංශ 24 සඳහා විමර්ශන කමිටු පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව පෙර ආණ්ඩුවල දී එම අමාත්‍යාංශවල සිදුව ඇති දූෂණ වංචා පිළිබඳව විමර්ශනය කිරීම සිදු කිරීමට නියමිතය.

අදාළ අමාත්‍යාංශවල ඇති තොරතුරු මත පදනම්ව එම විමර්ශන සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. එම යෝජනාවට ඊයේ (30දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව ඇතැයි ද වාර්තා විය.



Recommended Articles