අභ්‍යන්තර ගැටලු ඇතිවන විට ඇමතිධුර වැඩි කර නොගනීවි යැයි සිතනවා


ආණ්ඩුව කරන සියලු දේට එදා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධවුවා සේ කටයුතු නොකර ආණ්ඩුව ගෙන එන ජනතාවාදී වැඩපිළිවෙල වලට බාධා නොකර වගකිවයුතු විපක්ෂයක් වශයෙන් ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා අද (18) මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුවමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටියේමහින්ද රාජපක්ෂවෘත්තීය දේශපාලඥයෙක් බවත්එවැනි අයකුට දේශපාලනයෙන් සමුගැනීමේ හැකියාවක් නොමැතිි බවත්ය. චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රීවැනි අයද වෘත්තිය දේශපාලකයන් බව අවධාරණය කළනාමල් රාජපක්ෂ මහතාශ්‍රී ලංකා පොදු ජන පෙරමුණරටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී සිටින ජාතිවාදී නොවනජාතිකවාදී පක්ෂයක් බවද පැවසීය.

තම පක්ෂය පසුගිය කාලයේ යම් පසුබෑමකට ලක්වූ බව අවධාරණය කළ ඒ මහතා ගෝලීය හා කලාපීය දේශපාලන වාතාවරණය නිවැරදි ලෙස අධීක්ෂණය කරමින් පක්ෂය තුළ අවශ්‍ය වෙනස්කම්ඉදිරියේදී සිදු කරන බවත්මෙවර මැතිවරණයේදී යම් ආසන සංඛ්‍යාවක්ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින්මගහැරුණ බවද පැවසීය.

විපක්‍ෂය තුළ එකට වැඩ කළහැකිමීට පෙරතම කණ්ඩායම නියෝජනය කළරෝහිත, අනුරාධ, චාමර වැනි පිරිසක්මෙවරද පාර්ලිමේන්තුවරම් හිමි කරගෙන තිබෙන බවත් තම කණ්ඩායමෙන් ඉවත්ව ගොස් පාර්ලිමේන්තු වරම් හිමි කරගත් අයට නැවත එකතු වන ලෙස ආරාධනා කිරීමට හදිසි නොවන බවත් අවධාරණය කළ ඒ මහතා එකට වැඩ කිරීමට එය බාධාවන් නොවන බවද පැවසීය.

වත්මන් රජය ඇමැති ධූර සීමා කරගනිමින් පවත්වාගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අභ්‍යන්තරයේ ගැටලු මතුවන විට ඇමතිකම් වැඩි නොකර ආණ්ඩුව මේ ආකාරයෙන්ම කටයුතු කරුණු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසීය.



Recommended Articles