රට හැදීමට සමගි ජන බලවේගයට භාර දෙන ලෙසත් ඒ සඳහා සමගි ජන බල වේගයට හැකියාවක් ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
සමගි ජන බල වේගයේ ජන රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය. එසේම නැවත ජනපතිවරණයක් අවශ්‍ය බවත් හැමෝටම ජනපතිවරණයක් අවශ්‍ය බවත් ඔහු පැවැසීය.
" එකතු වෙන්න කැමති අයට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. පුද්ගල ඩීල් මත එකතු නෑ. අපිට තියෙන එකම ඩීල් එක රට දිනවීමයි. මේ ආරම්භය පමණයි. ඉදිරියේදී අපි දිස්ත්‍රික්ක, ප්‍රා දේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් අපි එනවා.
රට දාලා යන අයට කියනවා රට දාල යන්න එපා. අපි රට හදමු. අපි තැන දෙන්නේ වැඩකාරයන්ට. දුෂ්ඨ ආන්ඩුව පළවා හරින්න එකතු වෙන්න. රට හදන්න අපිට භාර දෙන්න. අපි හදලා පෙන්වන්නම්.
ජනතාව අනාථ වෙලා ඉන්නේ. ජානතාවට තීන්දු ගන්න වෙයි. අපිට නැවතවරක් ජනපතිවරණයක් ඕන. මේ ආරම්භය පමණයි. "