අනාගතයක් ගොඩනැගෙන්න නම් ජනතාව නිවැරදි තීන්දු ගත යුතුයි


රටේ ජනතාවගේ අනාගතය ගොඩනැගෙන්න නම් ජනතාව නිවැරදි තීන්දු ගත යුතු බව ස්වාධීන ජනාදිපති ධුර අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

මීරිගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“මේ තීරණය නිවැරදිව ගන්න ඕනී තමුන්නාන්සේලාට අනාගතයක් ගොඩනැගෙන්න නම්. වර්තමානයේ අපේ මාතෘ භූමිය ගරා වැටිලා, විනාශ වෙලා. ණය වෙලා බංකොලොත් වෙලා. ණය ගත්ත පාලකයෝ ජාවාරම් කාරයේ එක්ක එකතු වෙලා ජාවාරම් කාරයොත් එක්ක එකතුවෙලා ඒ ණය වලින් කප්පම් අල්ලස් අරගෙන කරපු ව්‍යාපෘති වල තමුන්නාන්සේලාට ප්‍රතිලාභ මුකුත් ලැබිලා නෑ. ”



Recommended Articles