අධ්‍යාපන සහතික බොරුනම් සජිත් ඉල්ලා අස්වෙයි


තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කරුණු කාරණා අසත්‍ය බව ඔප්පු කළ හොත් තමන් විපක්ෂනායක ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට සඳහන් කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

තමන් ලන්ඩන් ඕලෙවල් හා ලන්ඩන් ඒ ලෙවල් සමත්ව උපාධිය සම්පූර්ණ කළ බවත් පසුව පශ්චාත් උපාධිය හැදැරීමට කටයුතු කළත් තම පියාගේ අභාවයත් සමග එය සම්පූර්ණ කිරීමට නොහැකි වූ බවත් එ මහතා පැවැසීය.

 



Recommended Articles