ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං බලාගාර ව්‍යාපෘතිය අවලංගු කරගෙන නොමැති බවත්, විදුලි ඒකකයක මිල ඉහළ බැවින් එය ඩොලර් සත 6ට වඩා අඩු කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද (28දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඒ අනුව එම සාකච්ඡා සාර්ථක කර ගැනීමට හැකිවෙනු ඇති බවට රජයට විශ්වාසය තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
"අපි රජයක් හැටියට විශ්වාස කරනවා ඒ මිල වැඩියි කියලා. ඒ අනුව රටටත් වාසිදායක වන ආකාරයට ඩොලර් ශත 6ටත් වඩා අඩු ප්‍රමාණයකට අරන් යන්න තමයි මේ සාකච්ඡා දියත් වෙමින් තියෙන්නේ. මම හිතනවා ඒක රටක් විදියට අපි අත්පත් කරගත යුතු තත්ත්වයක්.
මේ ව්‍යාපෘතිය නෙවෙයි කැන්සල් වෙන්නේ. 2022 තමයි මේකට මුලින්ම එකඟතාව පළ කරලා සාකච්ඡාව ආරම්භ කරලා තිබුණේ. ව්‍යාපෘතියේ විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් තමයි සාකච්ඡා දියත් වෙමින් තියෙන්නේ. අපි රජයක් හැටියට උත්සාහ කරමින් ඉන්නවා රටට වාසියක් වෙන ආකාරයට මිල ගණන් සංශෝධනය කර ගන්න. පුනර්ජනනීය කිව්වට වැඩක් නෑ. රටට වාසියක් තියෙන්න ඕනි. අපේ මැදිහත් වීම තිබෙන්නේ මේක තව ප්‍රමාණයක් අඩු කරගන්න. ඒක කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා."