අදත් මි.මී.100ට වැඩි තද වැසි - ඊයේ වැඩිම වර්ෂාපතනය කොළඹට


ඊයේ(06දා) පෙ.ව. 08.30 සිට අස(07දා) පෙරවරු 07 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රිකයට ලැබී ඇති අතර, එහි අගය මිලිමීටර් 162.5ක් වූ බව කාලගුණ විද්‍යා දෙපාර්ත​මේන්තුව පැවසීය. 

එමෙන්ම වලල්ලාවිට ප්‍රදේශයට මි.මී.112.5ක්, හොරණ ප්‍රදේශයට මි.මී.111.5ක්, නෙළුව ප්‍රදේශයට මි.මී.109.0ක්, කලු​බෝවිටියාන ප්‍රදේශයට මි.මී.84.0ක් සහ උඩුගම ප්‍රදේශයට 94.5ක් ලෙස වර්ෂාපතනය මෙම කාලය තුල ලැබී තිබේ. 

මේ අතර අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වලට දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දිනයේ ඇති වන අතර, ඇතැම් ස්ථාන වලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles