අද සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,715ක්


අද දින තවත් කොරෝනා ආසාදිතයින් 573 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,715 කි. මෙම ආසාදිතයන් 2715ත් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.

එසේම දිවුලපිටිය, බන්ධනාගාර, පෑලියගොඩ හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලට සම්බන්ධව මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 209332ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles