අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ


අද (31දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 309ක්ව තිබූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 299ක් දක්වා රුපියල් 10කින් අඩුකර කර තිබේ.

මේ අතර රුපියල් 371ක්ව තිබූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 361ක් දක්වා  රුපියල් 10කින් අඩු කර ඇත.

සෙසු ඉන්ධන මිල වෙනස් නොවේ.

 



Recommended Articles