අද බොහෝ ප්‍රදේශවලට වැසි


අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව අද (08දා) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන  බවද පෙන්වා දෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකා බවද දෙපාර්තමේන්තුව  සඳහන් කරයි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත්  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම්  සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.ඊයේ (07) උදේ 8.00 අවසන් වු පැය 24 ක කාලය සැලකිමේදි වැඩිම වර්ෂාපතනය කොලඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි තිබෙන අතර එම අය මිලිමිටර් 162.5 කි.

වලල්ලාවිට ප්‍ර දේශයෙන් මිලිමිටර් 112.5 ක් හොරණ ප්‍ර දේශයෙන් මිලිමිටර් 111.5 ක් නෙලුව ප්‍ර දේශයෙන් මිලිමිටර් 109 ක්‍ මාතර කළුබෝවිටියාන ප්‍ර දේශයෙන් මිලිමිටර් 84 ක්  උඩුගම ප්‍ර දේශයෙන් මිලිමිටර් 94.5 වාර්තා වි ඇත.

පවතින වැසි තත්තවය නිසා  මාතර  කෑගල්ල  කළුතර  ගාල්ල යන දිස්ත්‍රික්කවල කදු ආශිත ප්‍ර දේශ නාය යෑම්වලට ලක්විය හැකි බව ජාකෙ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

මේහිදි කළුතර හා ගාල්ල දිස්ත්‍රීක්ක සදහ දෙවන මට්ටෙමේ අවදනාම් නිවෙදනත් ඉතිරි දිස්ත්‍රික් දෙක සදහා පළමු අදයෙරේ අවදානම් නිවෙනදත් නිකුත් කර තිබේ. නාය යෑම් ලක්ෂ දුටු වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසත් එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද මුහුදු සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා පැවතිය හැකි බවද පෙන්වා දෙයි.

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.



Recommended Articles