ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 26 වන දින වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එය නැගනෙහිර වෙළරළ ඉතා ආසන්නව ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙහි බලපෑම හේතුවෙන් ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ.
අද දිනය තුළ (11/27) දිවයිනේ බොහෝ පළාත්වලට පැයට කිලෝමීටර් 60 -70 ඉක්මවු තද සුළං ඇතිවිය හැකි බවත් මෙම තත්ත්වය ඉදිරි දින කීපය පුරාවට පැවතිය හැකි බවත් දක්වා ඇත.
එබැවින් මේ ඇතිවිය හැකි කාලගුණික තත්ත්වයන් පිළිබද දැඩි අවධාන යොමු කළ යුතු අතර හදුනාගත් නායායෑම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.
එසේම යම් ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.