ජනතා විරෝධතාව හා රට මුහුණ දී ඇති අර්බුද රාශියක් මත අද දිනයේදි පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම තීරණාත්මක සාධකයක් බවට පත්වතිබේ.
ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය ඇතුළු පක්ෂ 11ක් දැනටමත් ආණ්ඩුවෙන් ඉවත්ව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ නිවේදනය කළේ තම පක්ෂය පාර්ලිිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බවයි.
මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නිමල් ලංසා මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 50කට ආසන්න සංඛ්‍යාාවක් අද දිනයේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවයි.
මේ අනුව ආණ්ඩුවට 113ක බහුතරය අහිමිවීමට වැඩි ඉඩක් තිබේ. කෙසේ වෙතත් ඊයේ ජනපතිිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරු 130කට ආසන්න පිරිසක් රැස්ව තිබුණ බව වාර්තා විය.
මෙහිිදී ජනපතවරයා ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන පාර්ශ්වයකට බලය ලබාදීමට තමන් සූදානම් බවයි
යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇති සරල බහුතරය අහිමිවුවහොත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ධුරය අහිමි වන අතර පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නා මන්ත්‍රිවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරිමට ජනපතිවරයාට සිදුවෙනු ඇත.