අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදල බිමල්ට


2025 ජනවාරි 01 වැනිදා සිට 2025 අප්‍රේල් 30 වැනිදා දක්වා මාස 04ක් සඳහා රජයේ වියදම් ඇතුළත් රුපියල් බිලියන 1,402ක (රු.1,402,886,263,000) අතුරු සම්මත ගිණුම සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙහි රුපියල් බිලියන 976ක්(රු.976,074,263,000) පුනරාවර්තන වියදම් ලෙස වෙන් කර ඇත.

මෙම අතුරු සම්මත ගිණුම මගින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ප්‍රවාහන, මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය (අමාත්‍යවරයා වන්නේ බිමල් රත්නායක) වන අතර එම මුදල රුපියල් බිලියන220ක් වේ.

එමෙන්ම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 186ක්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 170.4ක්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ - රුපියල් බිලියන 161.9ක් සහ ආරක්ෂක අමාත්‍යාංශය -රුපියල් බිලියන 142.9ක් ලෙස මෙමගින් වැඩි වශයෙන් මුදල් වෙන් කර ඇත.

මීට අමතරව රුපියල් බිලියන 92.0ක මුදලක් මෙම අතරු සම්මත ගිණුම හරහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කර තිබේ.

මේ අතර ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ලෙස රුපියල් බිලියන 2.6ක් (රු.2,644,940,000) සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට මිලියන 378ක් (378,000,000) වෙන් කර ඇත.

මෙම අතරු සම්මත ගිණුම හරහා අමාත්‍යාංශ 24කට වෙන් වෙන් වශයෙන් වෙන් කර ඇති මුදල් පහත පරිදි වේ.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය - රුපියල් බිලියන 3.3ක් (රු.3,236,300,000)

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය - රුපියල් බිලියන 186ක් (රු.186,031,812,000)

ආරක්ෂක අමාත්‍යාංශය -රුපියල් බිලියන 142.9ක් (රු. 142,955,000,000)

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය - රුපියල් බිලියන 17.2ක් (රු.17,273,160,000)

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ - රුපියල් බිලියන 161.9ක් (රු.161,999,998,000)

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය - රුපියල් බිලියන 5.9ක් (රු.5,927,350,000)

වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය - රුපියල් මිලියන 885ක් (රු.885,700,000)

ප්‍රවාහන, මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය - රුපියල් බිලියන 220ක් (රු.220,075,000,000)

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග - රුපියල් බිලියන 67.3ක් (රු.67,361,000,000)

බලශක්ති අමාත්‍යාංශය  - රුපියල්බිලියන 4.3ක් (රු.4,330,550,000)

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය - රුපියල් බිලියන 17.1ක් (රු.17,194,920,000)

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය - රුපියල් බිලියන 9.4ක් (රු. 9,414,868,000)

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය - රුපියල් බිලියන 92.0ක්(රු.92,000,000,000)

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය - රුපියල් බිලියන 170.4ක් (රු.170,476,415,000)

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය - රුපියල් බිලියන 3.6ක්(රු.3,652,000,000)

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන - රුපියල් බිලියන 4.4ක් (රු.4,464,800,000)

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය - රුපියල් බිලියන 5.7ක්(රු.5,769,000,000)

පරිසර අමාත්‍යාංශය - රුපියල් බිලියන 4.9ක් (රු.4,938,000,000)

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය - රුපියල් 5.0ක් (රු.5,079,133,000)

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය -රුපියල් බිලියන 3.7ක් (රු.3,744,700,000)

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය - රුපියල් බිලියන 65.0ක් (රු.65,064,575,000)

කම්කරු අමාත්‍යාංශය - රුපියල් බිලියන 2.0ක් (රු.2,086,945,000)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය - රුපියල් බිලියන 3.7ක් (රු.3,760,000,000)

විද්‍යාව සහ තාක්ෂණ අමාත්‍යාංශය - රුපියල් බිලියන 1.7ක් (රු.1,780,000,000)

 



Recommended Articles