අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට ඩොලර් මිලියන 5ක්


වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග සහිත බහාලුම් නිදහස් කර ගැනීම වෙනුවෙන් මහ බැිංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් නිදහස් කර තිබේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැසක් සහිත කන්ටේනර් රාශියක් මේ වන විට වරායේ සිර වී තිබේ. ඒ එම කන්ටේනර් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් ආනයනකරුවන්ට නොලැබීම හේතුවෙනි.

මේ වන විට වරායේ සිරවි ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගත් කන්ටේනර් නිදහස් කර ගැනිමට ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක් අවශ්‍ය වෙයි.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් ඉදිරි සතියේදී නිදහස් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විිසින් දන්වා ඇති බව වාර්තා වෙයි.



Recommended Articles