අත්තනගල්ල හා වත්තල සෞඛ්‍ය බලධාරීන්ට අවනත නැතිලු


ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි අත්තනගල්ල සහ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ සෞඛ්‍ය බලධාරීන්ට අවනත නොමැති (Uncontrolled Aria ) ප්‍රදේශ පවතින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය.

මෙසේ සෞඛ්‍ය බලධාරීන්ගේ පාලනයෙන් තොර ප්‍රදේශ වල කොතෙක් සංචරණ සීමා පැන වුවද , එම ප්‍රදේශ වල පදිංචිකරුවන් හොර රහසේ වෙනත් අතුරු මාර්ග ඔස්සේ , අනෙකුත් ප්‍රදේශ වෙත පිවිසීම සිදු කරන බවට තොරතුරු තමන් වෙත වාර්තා වී ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

12/11 දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ ගුවන් ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 71 දෙනෙකු සොයාගෙන ඇති අතර , ඒ අතරින් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් මෙම වෛරසය ආසාදිත රෝගීන් 26 දෙනෙකුම වාර්තා වී ඇති බව ද හෙතෙම පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 6,106 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඔවුන් සොයා ගැනීම සඳහා පී.සී.ආර්.පරීක්ෂණ 97,692 ක් සිදු කර ඇති බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles