අත්අඩංගුවට ගත් මන්ත්‍රී චාමරට අධිකරණය දුන් නියෝගය මෙන්න


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව අද(27දා) ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබූ අතර, පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. 



Recommended Articles