අගෝස්තුවේ ජනපතිවරණයක් පැවැත්වූයේ නම් වැඩිහිටියන්ගෙන් වැඩි පිරිසක් අනුරට


අගෝස්තු මාසයේදී මෙරට ජනපතිවරණයක් පැවැත්වූයේ නම් වැඩිහිටියන්ගේ ජනාධිපතිවරණ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතාට සියයට 36ක්, සජිත් ප්‍රේමදාස මහතාට සියයට 32 ලෙස වැඩිහිටියන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය දැක්වෙයි.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සියයට 28ක අගයක් ලැබි තිබෙන අතර එය ජනපතිවරයා කෙරෙහි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව එම ආයතනය පවසයි.

 



Recommended Articles