අගමැතිනිට, ඇමති විජිතට මුද්දර ගහලද ?


ඊයේ (09) දිනට යෙදී තිබුණු ලෝක තැපැල් දින ජාතික සැමරුම් උළෙලේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිතව ලබාදුන් සමරු තිළිණ සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙය හුදෙක් සිහිවටන තිළිණයක් පමණක් වන අතර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අග්‍රමාත්‍යවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව ඇතුළත් මුද්දර නිකුත් කර නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles