අගමැතිගේ යෝජනාවට එකඟ නොවෙයි ගුරු - විදුහල්පති වර්ජනය අඛණ්ඩව


ගුරු වැටුප් වැඩිවීම එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් වර්ජනය ඉදිරියට ගෙනයාමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (13) තීරණය කරයි.

ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්විණු අත​ර සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ගුරු, විදුහල්පති සංගම් කියා සිටියේ වැටුප් ගැටලුවට රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද යන්න පිළිබඳව අද තීරණය කරන බවයි.

ඒ අනුව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද තීරණය කර ඇත්තේ, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටයි.



Recommended Articles