අක්කර බදු සියයට සියයකින් ඉහළට


ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් කූඹුරු සහ ගොඩ ඉඩම් සඳහා අය කරන අක්කර බදු ගාස්තුව 100%කින් ඉහළ දමා ඇතැයි ගොවි ජනතාව පවසති. 

අක්කරයකට අයකරන නව අක්කර බදු මුදල රුපියල් 100කි. මෙය වසර නවයක කාලයක් තුල රුපියල් අසූපහක වැඩිවීමක් බව ද ගොවිජනතාව පෙන්වා දෙති. 2015දි රුපියල් 15ක් වු අක්කර බද්ද පසුව රුපියල් 20ක් ලෙස වැඩිවී ගිය වසර වනවිට රුපියල් 50ක්ව පැවතුනි.

මේ අතර ගොවි ජනතාවගෙන් අක්කර බදු අය කරන්නේ ගොවිජනසේවා කාර්යාල වලට අනුයුක්තව සේවය කරන කෘෂිකර්ම නිෂ්පාදන සහ පර්යේෂණ සහකාර නිලධාරින් ය. ඔවුන් පවසන්නේ වැඩිකළ අක්කර බදු සම්බන්‍ධයෙන් ගොවිජනතාව අප්‍රසාදය පළකරන්නේ තමන්ට බවයි.

අජිතලාල් ශාන්ත උදය

 



Recommended Articles