IMF කාර්ය මණ්ඩල එකඟතාවයට පැමිණෙයි


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය වැඩසටහන යටතේ තුන්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා අද (23දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවක්දි ප්‍රකාශ කළේය. 

මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු ශ්‍රී ලංකාවට සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් මුදා හැරෙනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා ඊයේ (22) ජනාධිපති කාර්යාලයේදී පැවති අතර ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහ  ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම සහභාගි වුණි. 

"තුන්වැනි ඇගයීම සඳහා ඇතිවූ එම කාර්යමණ්ඩල එකඟතාවට IMF කළමනාකාරීත්වයේ සහ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග කිහිපයක් සම්පූර්ණ කළ යුතුයි. 2025 අයවැය යෝජනාවලිය IMF වැඩසටහනේ ඉලක්කයන්ට අනුකූලවීම එවැනි එක් ක්‍රියාමාර්ගයක්.

IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු සිව්වැනි වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක පමණ මුදලක් මුදාහැරෙනවා. ඒ අනුව විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට හිමිවන මුළු මුදල් ඩොලර් බිලියන 1.3 ඉක්මවනවා." 



Recommended Articles