ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය මත හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාර්ථක සාකච්ඡාවලට යටත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම ලබා දීම වසර අවසානය වන විට අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
බ්ලූම්බර්ග් රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව ශ්‍රී ලංකාවේ ණය තිරසාර බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතිකයක් ලබා දිය හැකිදැයි ඇසූ විට ඔහු පැවැසුවේ "අපි IMF සමඟ මේ ගැන සාකච්ඡා කරනවා" යනුවෙනි.
"පළමු කොටස නම්, ඉදිරි වසර 3-4 සඳහා සමස්ත සාර්ව මූල්‍ය ප්‍රතිපත්ති රාමුව සහ මධ්‍ය කාලීන රාමුව පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමයි, අපි සාර්ව මූල්‍ය රාමුවක් පිළිබඳ එකඟතාවයකට එළඹීමට අපේක්ෂාවෙන් සිටින්නේ."
“දෙවන කොටස වන්නේ අපගේ මධ්‍ය කාලීන සිට දිගු කාලීන ණය තිරසාර කිරීමට අපට ඇති ණය ඉලක්ක සමඟ එකඟ වී සාකච්ඡා කිරීමයි. අපි මේ සාකච්ඡාව පවත්වමින් ඉන්නවා. ණය ඉලක්ක සපුරාගත යුත්තේ කොතැනද යන්න මූලික වශයෙන් අපට කිව හැක්කේ ඉන් පසුවයි." ඔහු පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුුහ ගත කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවත් යම් හෙයකින් දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කරයි නම් එය ලංකාවේ බැංකු පද්ධතියට ගැටලුවක් ඇති කරනුු ඇති බවත් ඔහු පැවැසීය.