IDH හි ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැන යයි


මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා දැඩි ලෙස අවශ්‍ය කරන සැකකරුවෙකු රෝහලෙන් පැනගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (24දා) අලුයම මොහු රෝහලෙන් පැනගොස් ඇති අතර ඔහු වම් කකුලේ ආබාධයක් ඇති පුද්ගලයෙකි.

ඇවිදින විට කොරගසන මෙම නැතැත්තා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

ත්‍රිකුණාමලයේදී පදිංචිව සිටි අවුරුදු 41ක් වන එල්සියාම් නසීම් නැමැති පුද්ගලෙයක් මෙසේ අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.

සැකකරු පිළිබඳව තොරතුරු දන්නේ නම්

119

071-8591017

071-8591864

071-8592290 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.



Recommended Articles